IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නව නිවාස ව්‍යාපෘතියට ප්‍රදේශවාසීන්ගේ විරෝධය

(කේ බුද්ධික කුමාරසිරි)

කොට්ටාව කුල සෙවන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර නවයක භූමි භාගයක නව නිවාස ව්‍යාපෘතියකට අදාළ වැඩ කටයුතු ආරම්භ කිරීමට කොන්ත‍්‍රාත් සමාගමේ නිලධාරීන් පිරිසක් පැමිණි අවස්ථාවේදී ප‍්‍රදේශවාසීහූ ඊට විරෝධය පළ කරමින් අද (20) විරෝධතාවක නිරත වූහ.

විරෝධතාකරුවන් පවසන්නේ මෙම භූමිය තමන් වසර 35 කට පමණ අධික කාලයක සිට ප‍්‍රදේශයේ පොදු කටයුතු සදහා භාවිතා කරන බැවින් එවැනි පොදු කටයුතු සදහා ඉඩම් කොටසක් වෙන් කර අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි
එම ස්ථානයේ පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවෝ අනතුරුව පා ගමනින් කොට්ටාව -  මාලබේ ප‍්‍රධාන මාර්ගය දක්වා පැමිණ එහි විරෝධතාවක් පැවැත්වූහ.

අනතුරුව බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විරෝධතාකරුවන් පිරිසකට අමාත්‍යංශයේ දි සාකච්චාවක් ලබා දුන් අතර ඉන්පසුව විරෝධතාව අවසන් කෙරිණ.



අදහස් (3)

නව නිවාස ව්‍යාපෘතියට ප්‍රදේශවාසීන්ගේ විරෝධය

asiri Wednesday, 20 September 2017 09:03 AM

ලංකාවේ මිනිස්සුන්ට ඉතින් මොනවා කරන්න ගියත් වැරදියි

:       1       6

athula Friday, 22 September 2017 03:27 AM

අපේ රට දිනෙන් දින අයාලේ යනවා.......කිසිම ආර්ථික සැලැස්මක් නෑ... කිසිම දෙකට විදිමත් සැලැස්මක් නැති අවුරුදු 5 න 5 ට වගකීමක් නැති පිරිසක් තට්ටු මාරුවට ගෙන රටේ අනාගතය විනාශ කරනවා..

:       0       0

himal Sunday, 24 September 2017 02:49 PM

අවුරුදු 35ක් නෙවෙයි 55ක් වුනත් රජයේ ඉඩමක් අනවසරයෙන් භාවිතා කලා නම් ඒ භාවිතා කරපු අයට වහාම දඬුවම් පමුණුවන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site