රංජිත් රාජපක්ෂ
නායයාමේ හා ගල් පෙරලීමේ අවදානමට ලක් වී ඇති තමන් පදිංචිව සිටි වතු නිවාස වෙනුවට අලුතින් නව නිවාස ඉදිකර දෙන ලෙස ඉල්ලා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (1) උදෑසන උද්ඝෝඝණයක් පැවැත්වුහ.
ඉකුත් වසරේ මාර්තු මාසයේ බගවන්තලාව ප්‍රදේශයේ පැවති වැසි සහිත කාලගුණයත් සමඟම බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතු යායේ පහළ කොටසේ වතු නිවාස 3 ක පදිංචි වතු කම්කරුවන් 15 දෙනෙකු පමණ පැවති දැඩි අවදානම හේතුවෙන් තාවකාලිකව එම වතුයායේ පාසල් ගොඩනැගිල්ලක සහ වතු කාර්යය මණ්ඩල නිල නිවාසයක තාවකාලිකව නතර කිරිමට වතු පාලන අධිකාරිය මගින් පියවර ගෙන තිබිණි.
නායයාමේ අවධානමකට ලක් වී ඇති නිවාස වෙනුවට අලුතින් නිවාස ඉදිකර දීමට වතුපාලන අධිකාරිය මගින් නිසි පියවර නොගෙන තමන් දැනට තාවකාලිකව පදිංචි වී සිටින පාසල් ගොඩනැගිල්ලෙන් සහ කාර්යය මණ්ඩල නිල නිවසෙන් ඉවත් වී තමන් මුල් පදිංචිව සිටි නායයාමේ අවදානමට ලක් වී ඇති නිවාස වලටම නැවත ගොස් පදිංචි වන ලෙස වතු පාලන අධිකාරිය විසින් තමන්ට දැනුම් දුන් බව වතු කම්කරුවෝ පවසති.



2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව නිවාස ඉදිකර දෙන ලෙස ඉල්ලා වතුකම්කරුවෝ උද්ඝෝෂණයක