IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නිවසකට ගලක් පෙරැලෙයි : පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානයකට

රංජිත් රාජපක්ෂ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව සමග වටවල දියගල ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගලක් පෙරැලිමෙන් නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇති බව වටවල පොලිසිය පැවසිය.

අද(16) දින අලුයම 2 ට පමණ නිවසට ඉහලින් පිහිටි විශාල ගලක් ගැලවි නිවසේ නිදන කාමරයක් මතට වැටි එම කාමරයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

ගල පෙරලෙන අවස්ථාවේ නිවසේ පදිංචිකරුවන් එම නිවසේම වෙනත් නිදන කාමරයක නිදා සිටි නිසා ඔහුන්ට අනතුරක් සිදු වි නොමැත.

පවතින අවදානම මත එම නිවසේ පදිංචිකරුවන් තාවකාලිකව ඔහුන්ගේ ඥාති නිවාස වල පදිංචිකල බව වටවල පොලිසිය පැවසිය.

මේ අතර වටවල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන් ඔයේ ජල මට්ටම ඉහල යාමත් සමග වටවල දොතුළුඇල්ලේ ජල පහර වැඩි වි ඇත.

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග හැටන් නුවරඑලිය , හැටන් කොළඹ ප්‍රධාන මාර්ග වලට සහ අතුරු ප්‍රධාන මාර්ගවලට පස් කදු කඩා වැටිමේ අවදානමක් පවතින නිසා මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුන්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

නිවසකට ගලක් පෙරැලෙයි : පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31695 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14160 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1125 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site