IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘නාවුල සීමා නිර්ණය ගැටලුවක්‘

(ඉන්දික අරුණ කුමාර)

පළාත් පාලන සීමා නිර්ණයන්ට අනුව නාඋල ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ කොට්ඨාස බෙදි ඇති අයුරු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් අද (1) නාඋල දී පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න මහතා විසින් කැඳවා තිබූ අතර පළාත් පාලන කොට්ඨාස නිර්ණ වලට අනුව නාඋල ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ පවතින කොට්ඨාස බෙදීම් පිළිබඳව ඔහු එහිදී පැහැදිලි කළේය.

පළාත් නිර්ණයන්ට අනුව නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසය කොට්ඨාස 10 ට බෙදා තිබේ. ඒ අනුව බිබිල කොට්ඨාශය, බිබිල, නිකුල, උස්අත්තෑව, පෙනලබොඩ, මුරුතෝලූව සහ වැවැත්තෑව ග‍්‍රම නිලධාරී වසම්වලට බෙදා ඇති අතර බොබැල්ල කොට්ඨාශයට කරවිලහේන, සේරුදණ්ඩාපොල,බොබැල්ල, හාඩුවෙල,හාඩුව සහ බොබැල්ල ග‍්‍රාම නිලධාරී වසම් ඇතුළත්ය.

දඹගොල් කොට්ඨාසයට හැළඹගහවත්ත, දඹගොල්ල, බඹරගහවත්ත, මාරාගොමුව, පුබ්බිලිය, මිල්ලගහමුලතැන්න ඇතුළත් වේ. තලාගොඩ කොට්ඨාසය කඹරව, ගල්පොරුගොල්ල, ඇලගොමුව, තලාගොඩ, කඩවත, මැදපිහිල්ල සහ ගල්බොඩ යන ග්‍රාම නිලධාරී වසම්වලින් යුක්ත වේ.

කොන්ගහවෙල කොට්ඨාසයට මොරගහමඩ, කොන්ගහවෙල,රජාවෙල, මොරගොල්ල, කුඹියන්ගහ ඇල, බෝවතැන්න වත්ත සහ ගන්ඉමයාය ඇතුළත්වේ.

නාඋල කොට්ඨාසයට  මීගහ ඇල, දේවරාදපොල සහ නාඋල ඇතුළත්වේ.

අරංගල කොට්ඨාසයට පිළිහුඩුගොල්ල ඉහළ, අරංගල,පිලිහුඩුගොල්ල පහළ සහ මීගොල්ල ඇතුළත්ය.

අළුගොල්ල කොට්ඨාසයට හබරගහමඩ, මේල්පිටිය,දී යන්කඩුව, අළුගොල්ල සහ ඇල්හේන ඇතුළත්ය.

නාලනද්ද කොට්ඨාසයට නාලන්ද, උඩුදෙණිය, හපුගස්යාය සහ වම්බොටුයාය ඇතුළත්ය.

ලිහිනිපිටිය කොට්ටාශයට ආඳාවල, ලිහිනිපිටිය, ඕපල්ගල, අඹන සහ සේනාගම ඇතුළත්ය.

සුසිල් පේ‍්‍රමරත්න මහතා කියා සිටියේ ගණනය කිරීම තුළ ඡන්ද දායකයින් 101 දෙනකු සිටින ගල්බොඩ ග‍්‍රාමනිලධාරී වසම එක් පක්ෂයක එක් අපේක්ෂකයෙකුට හිමිවන බවයි.

ප‍්‍රතිශත ගනනය කිරීම් මෙන්ම කොට්ඨාස බෙදියෑමේ කරුණු සැලකිල්ලට ගත්කළ මෙම බෙදීම මැතිරණයක දී බරපතල ගැටලු ඇතිකරන බව ද හෙතෙම පැවසීය.



අදහස් (0)

‘නාවුල සීමා නිර්ණය ගැටලුවක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site