IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නාවුල කජු වගාවට වැස්සෙන් හානි


(ඉන්දික අරුණ කුමාර)


මාතලේ  නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කජු සඳහා ඉහළ මිලක්  පැවතිය  මේ දිනවල පවතින වැසි සහිත කාලගුනය නිසා අස්වැන්න  විනාශ වී ඇතැයි ගොවීහු පවසති.


නාඋල වෙළ`දපොල තුළ මේ දිනවල උසස් තත්ත්වයේ කජු කිලෝවක් රුපියල් 375 ත් 400 අතර මිලකට අලෙවි වන අතර වැස්සට හසු වී  ඒවා විනාශ වී  යාමත් සමඟ ගුණාත්මක කජු වෙළෙදපොලට ලබා දීමට නොහැකි බවද ඔවුහු කියති.


මේ තත්ත්වය යටතේ කජු කිලෝවක් රුපියල් 275 සිට 300 දක්වා මිලකට අලෙවි වන බවද  කජු වගාවේ නිරත ගොවින් කියා සිටියේ සිය අස්වැන්න මෙවර වර්ෂාවට හසුවිම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.


ඇතැම් වෙලෙන්දෝ  නොමේරු කජු කඩා හොද කජු වලට මිශ‍්‍රකර අළෙවි කිරීම සඳහා රැගෙන ඒමට උත්සා කරන බවත් , හිතාමතාම නොමේරු කජු වගාකරුවන් විසින් වෙළඳපොලට රැගෙන ඒම තුළින් නිසි මිලක් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව  ව්‍යාපාරිකයෝ කියති.


මිලට ගන්නා බොහෝ කජු තෙරිමට ලක්වනන බවත් බොහෝ ප‍්‍රමාණයක් ඉවත දැමීමට සිදුවන බවත් ව්‍යාපාරිකයෝ සඳහන් කරති.


 



අදහස් (0)

නාවුල කජු වගාවට වැස්සෙන් හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site