IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නාවලපිටියේ පුද්ගලයින් 34 ක් නිරෝධායනයට

(රංජිත් රාජපක්ෂ)                       

වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කර නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩුව සදහා නිවසට පැමිණ සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙනාට කොවිඩ් 19 අසාදයන වි ඇති බවට තහවුරු විමෙන් පසු එම නාවික හමුදා සෙබළුන් පදිංචිව සිටි නාවලපිටිය දෙකිද අලුත්ගම ප්‍රදේශයේ පවුල් 5 කට අයත් සමාජිකයන් 22 දෙනෙකු සහ නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පවුල් 3 කට අයත් සමාජිකයන් 12 දෙනෙකු මිහින්තලේ නාවික හමුදා නිරෝධාන මධ්‍යස්ථානයට සහ වව්නියාව පම්පේමඩුව නිරෝධාන මධ්‍යස්ථාන කරා අද  (28) යොමු කළේය.
 
නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ නිලධාරින් , මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් එම පවුල් වල සමාජිකයින්ව යුද හමුදාව සහ නාවික හමුදාව වෙත භාර දෙනු ලැබුහ.
 
කොවිඩ් 19 වෛසරය ආසාධනය වු නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචි දැනට වැලිසර නාවික හමුදා කදවුරේ නිරෝධාන මධ්‍යස්ථානයේ ප්‍රතිකර ලබන නාවික හමුදා සෙබලා  නාවලපිටිය ප්‍රදේශයේ වෙලදසැල් තුනකට අවස්තා කිහිපයකදි පැමිණ ඇති බවට ලද බුද්ධි තොරතුරු මත එම වෙලදසැල් තුනද තාවකාලිකව වසා දමා විෂබිජහරණයට ලක් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත..
 
එම ගම්මාන දෙකේම පවුල් 13 කට අයත් සමාජිකයන් 40 දෙනෙකු (28) දින සිට දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කර එම ගම්මාන දෙකම විෂබිජහරණයට ලක් කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.
 
පවුල් 8 කට අයත් සමාජිකයන් 34 දෙනෙකු පැය 6 පමණ කාලයක් බස් රථ වලම රැදි සිටිම සිදු විය.



අදහස් (0)

නාවලපිටියේ පුද්ගලයින් 34 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11133 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1134 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site