IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නෝවුර්ඩ් වතු අධිකාරීවරයකුගේ නිවසක් කම්කරුවෝ වටලති

(රංජිත් රාජපක්ෂ )                      

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නියෝගයක් සහිත ලිපියක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ වතු අධිකාරිවරයෙකුගේ නිල නිවසක් නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු වතු කම්කරුවන් අද (28) වටලනු ලැබීමෙන් කළබලකාරී තත්ත්වයක් ඇති විය.
 

මෙසේ වටලනු ලැබුවේ කැලණි වැලි සමාගමට අයත් ටිලරි වතුයායේ වතු අධිකාරිවරයාගේ වතු නිවසයි.
 
ටිලරි වතු යායේ ඉහළ කදු මුදුණේ සිට පහළට ගලා බසිනා ජල මුලාශයක් හරස් කරමින් බිලින්කිබොනි වතුයායේ ඉදි කර ඇති තේ පෙති නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට වතු පාලන අධිකාරිය මගින් ජලය ලබා ගැනිමට කටයුතු කිරිමට එරෙහිව එම වතුයායේ වතු කම්කරුවන් සහ වතු පාලන අධිකාරි අතර මත භේද ඇති වි තිබුණි.
 
ජලය ලබා ගැනිම සම්බන්ධයෙන් වතු කම්කරුවන්ගේ දැඩි විරෝධය හමුවේ වතු පාලන අධිකාරිය මගින් තේ කර්මාන්ත ශාලාවට ජලය  ලබාගැනිමට කටයුතු කිරීම හමුවේ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට වතු කම්කරුවන් විසින් කරන ලද පැමිණිල්ලක් මත නොර්වුඩ් ප්‍රාදේශිය සබාවේ සභාපති රවි කොලුන්දුවෙල් මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ටද එම ගැටව විසදිමට මැදිහත් විමට සිදු වුණි.
 
ටිලරි වතුයායේ සිට පහළට ගලා බසිනා ජල මුලාශ හරස් කර ගනිමින් වතු ගණනාවක වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා බවත්,තේ කර්මාන්ත ශාලාවට ජලය ලබාගත හොත් තමන්ට පානීය ජල ගැටළුවක් ඇති වන නිසා තමන් මෙම විරෝධය පාන බව වතු කම්කරුවෝ  පවසති.
 
හැටන් සාංචිමලේ ප්‍රධාන මාර්ගය සාංචිමලේ ප්‍රදේශයෙන් අද උදැසන සිට අවහිර කර ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු වතු කම්කරුවන් උද්ඝෝෂණය සිදු කිරීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අඩාල වීමෙන් පොලිසිය සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අතර නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇති විය.

 

 



අදහස් (2)

නෝවුර්ඩ් වතු අධිකාරීවරයකුගේ නිවසක් කම්කරුවෝ වටලති

sarath Thursday, 28 March 2019 08:29 AM

ඔන්න ඕක වහල දාන්න. ප්‍රාදේශීය සභාවේ ඉන්න හරක් ,පාර්ලමේන්තුවේ ඉන්න හරක් ඔක්කොම එකතු වෙලා කඳු කර කැලා ටික කපල දාල දැන් එනවා රටට ආදායමක් ගෙනත් දෙන කර්මාන්ත වලට රස්නේ පෙන්නන්න.....

:       0       31

Bamunuarachchi Thursday, 28 March 2019 08:51 AM

කව්රුත් දෙන නියෝග වතු අධිකාරීන් බාර ගන්න එකක් නැහැ. නියෝග ලැබෙන්න සලස්වන ක්‍රම තිබෙනවා. වතු අධිකාරීන් කියන්නේ කවද? මේ අය කව්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site