IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නවනැලිය සෙබළා ඇසුරු කළ පවුල් 12 ක් නිරෝධායනයට

ඩබ්ලිව්.ඒ. අසේල

අද දින (2) මහනුවර නවනැලිය බැමිය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකුටද කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු සමග ලගින්ම ඇසුරු කළ පවුල් (12) සාමාජිකයින් ඔවුන්ගේ නිවෙස් තුළම අද (2) සිට නිරෝධායනයට ලක්කිරීමට ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා ගලහ පොලීසියේ නිලධාරින් කටුයුතු යොදා ඇත.

ඊට අමතරව ඔහුගේ බිරිඳ දරුවන් හා පවුලේ ලගින්ම ඇසුරු කළ ඥාතීන් (16) නිරෝධායනය කිරීම සඳහා මහනුවර ගලහ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ අලුතින් පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇත.

මේ වන විට බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ ඇති නිරෝධායන මධ්‍යස්ථානය තුළ මහනුවර අවට විවිධ ප්‍රදේශවල නාවික හමුදා සෙබලුන්ගේ පවුල්වල සාමාජිකයින් 52 දෙදෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බව ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් ප්‍රකාශ කර සිටී.

නවනැලිය බැමිය ප්‍ර දේශයේ හමුවූ සෙබලා සමඟ ඇසුරු කළ පුද්ගලයින් සොයා ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා ගලහ පොලීසියේ නිලධාරින් දිගටම පරීක්ෂණ සිදුකරගෙන යනු ලබයි.



අදහස් (0)

නවනැලිය සෙබළා ඇසුරු කළ පවුල් 12 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14177 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site