ශ්රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 234 වැනි බඳවා ගැනීමට අයත් නාවිකයන් 329 දෙනෙකු සිය මුලික පුහුණුව නිම කර විසිර ගියහ.
බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී එම විසිර යාමේ පෙළපාලිය පැවැත්විණි.
මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක් කරනු පිණිස කුසලාන ප්‍රධානයක්ද සිදු කෙරුණි.
එහිදී 234 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා සහ සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා වශයෙන් ආධුනික නැවි එල්.පී.අයි සමින්ද නාවිකයා කුසලාන හිමි කර ගත්තේය.
ආධුනික නැවි පී.එච්.පී.සී.එස් ලක්ප්‍රිය නාවිකයා හොඳම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගත් අතර, ආධුනික නැවි ජී.එච්.එස්.යූ ද සිල්වා නාවිකයා හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය හිමිකරගත්තේය.
234 වැනි බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමිවන කුසලානය ‘සුරනිමල’ අංශය හිමි කර ගත්තේය.
එමෙන්ම, 234 වැනි බඳවා ගැනීමට අයත් නාවිකයින්ගේ ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සහ නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සංදර්ශණයකින්ද මෙම විසිර යාමේ පෙළපාලිය සමන්විත විය.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා සහභාගී විය.
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ දකුණු විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා, ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජේHෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයට අනුයුක්ත නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ යුද්ධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අනුයුක්ත නිලධාරින් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ මවිපියන්ද සහභාගීවි සිටියහ.
(36698)








2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවිකයෝ 329 ක් විසිර යති