(රංජිත් රාජපක්ෂ)
නල්ලතන්නිය පොලිස් වසමට අයත් රිකාටන් ෆයිනස් වන වගා රක්ෂිතයේ සහ නල්ලතන්නිය රිකාටන් කසළ අංගනයේ අද (1) හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වූ බව නල්ලතන්නිය පොලිසියේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
නල්ලතන්නිය පොලිස් වසමට අයත් රදපුට්ටු වත්ත මායිමෙන් (1) දින දහවල් 12 ට පමණ හටගත් ගින්න හැටන් වන අඩවි කාර්යයාලය යටතේ පාලනය වන ෆයිනස් වන වගා රක්ෂිතය දෙසට පැතිර ගොස් තිබිණි.
ෆයිනස් වන වගා රක්ෂිතය දක්වා පැතිර යමින් තිබු ගින්න මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් නල්ලතන්නිය රිකාටන් ප්‍රදේශයේ පවත්වාගෙන යන කැළි කසළ ප්‍රතිචක්‍රිකරණ ස්ථනයේ කසළ අංගනය දක්වා ද පැතිර ගොස් තිබිණි.
නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් , වන අඩවි කාර්යයාලයේ නිලධාරින් , වතු කම්කරුවන් , කසල අංගනයේ කම්කරුවන් එක් ව පැතිර යමින් තිබු ගින්න පාලනය කලද කසල අංගනයට අවිලුණු ගින්න පාලනය කිරිමට අසිරු නිසා හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහයෝගය ලබා ගනිමින් කසළ අංගයේ පැතිර ගිය ගින්න සහ දුමාරය ද පාලනය කිරිමට සමත් වූ බවද නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.
රිකාටන් ෆයිනස් වගා රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 15 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියහ.
කිසියම් පිරිසක් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නල්ලතන්නිය පොලිසිය සැකකරයි.


2025 නොවැම්බර් මස 04
844
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2486
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1784
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නල්ලතන්නිය කසළ අංගනයේ හටගත් ගින්න පාලනය කරයි