IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නොර්වුඩ් ප්‍රා.සභා මන්ත්‍රීවරු විරෝධතාවයක


 
 
රංජිත් රාජපක්ෂ                        
 
නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (16) විරෝධතාවයක් පැවැත්විණි.


එම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද පැවැත්වෙන බවට එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් මීට දින කිහිපයකට පෙර ලිඛිතව කළ දැනුම් දීමක් මත අද එම ප්‍රාදේශීය සභා රැස්වීමට සහභාගී විමට පැමිණි අවස්ථාවේ අද සභා රැස්විම නොපැවැත්වෙන බව එම සභාවේ සේවකයින් විසින් තමන්ට දැනුම් දුන් බව විරෝධතාවයේ නියැලි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පවසති.


තමන්ගේ දෛනික වැඩ කටයුතු පවා අතපසු කරමින් අද (16) සභාවට පැමිණි බවත් , සභා රැස්විම  නොපැවැත්වෙන  බවට තමන්ට ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා  කිසිදු දැනුම් දීමක් සිදු නොකළ බවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කර සිටියි.


විපක්ෂයේ විරෝධතාවය සම්බන්ධයෙන් අප එම ප්‍රාදේශීය සභාවේ සභාපති කුලන්දවේල් රවී මහතාගෙන් අපකළ විමසුමකට ඔහු පවසා සිටියේ මධ්‍යම කඳුකරයේ පවතින දැඩි කාලගුණ තත්ත්වය හේතුනේ නොර්වුඩ් ප්‍රාදේශීය සභා බල සීමාවේ ආපදා රැසක් සිදු වී ඇත.


එම ආපදාවන් හේතුවෙන් සභාවේ විදුලිය ද විසන්ධි වී ඇති නිසා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට දුරකථනය මගින් සහ කෙටි පණිවිඩ මගින් දැනුම් දී සභා රැස්වීම කල් තැබු බවයි.


සභාවාරය නොපැවැත්වුණ ද අද සභා කර්යයාලය වෙත පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවට පැමිණිමේදී මන්ත්‍රිවරුන් වෙත ලබාදෙන දිමනාව ඉල්ලා සිටි බවද ප්‍රාදේශීය සභා සභාපතිවරයා කියා සිටියේය.



අදහස් (0)

නොර්වුඩ් ප්‍රා.සභා මන්ත්‍රීවරු විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site