(සිතුම් චතුරංග)
වවුනියාව වේලාන්කුලම ගුවන් හමුදා කඳවුරේ හා කිලිනොච්චිය මුලංගාවිල් 651 වන යුද හමුද කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථාන වලදී සාර්ථකව නිරෝධායනය අවසන්කළ පුද්ගලයින් 240 දෙනෙකු අද (15) නිවෙස් වෙත පිටව ගියහ.
වේලාන්කුලම ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 180 හා මුලංගාවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 60 දෙනකු පිටව ගිය බව ආරක්ෂක අංශ පැවසීය.
වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ඉන්ද්‍රජිත් වීරසූරිය හා 651 වන බල සේනාවේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.සි.එන් වරකාගොඩ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම පිරිස දින 14 ක් නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමෙන් අනතුරුව එලෙස පිටව ගිය බව ආරක්ෂක අංශ පැවසීය.
මෙම පිරිසහට කොවිඩ් - 19 වයිරසය ආසාදනයවී තිබේදැයි යන්න පී.සී.ආර් ජෛව සාම්පල පරීක්ෂණ සිදුකොට ඇති අතර එහිදී ඔවුන්ට වයිරසය ආසාදනය නොවී ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව නිරෝධායනය අවසන් කිරීමට හා නිවෙස්වෙත ගොස් තවත් දින 14 කාලයක් නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදුන් බවද ගුවන් හමුදාව පැවසීය.
නිරෝධායනයට ලක්කළ පිරිස කොළඹ , බණ්ඩාරනායක මාවත , කුරුණැගල, පොල්ගහවෙල, අනුරාධපුර හා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් වෙත සිය නිවෙස් බලා පිටත්ව යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ඇතුළු සියළු කටයුතු ආරක්ෂක මඟින් සලසා ඇති බව ආරක්ෂක අංශ සඳහන් කළේය.
වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ඉන්ද්‍රජිත් වීරසූරිය , කිලිනොච්චිය මුලංගාවිල් යුද හමුදා 651 වන බල සේනාවේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.සි.එන් වරකාගොඩ යන මහත්වරුන් විසින් නිරෝධායනය අවසන් කළ පිරිස් වෙත නිරෝධායනය අවසන් කළ බවට වන සහතිකපත් ප්‍රධානය කිරීමක්ද සිදුකෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 240 ක් පිටව යති