IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


නායයෑම් හේතුවෙන් ඉවත්කළ වෙළඳ ව්‍යාපාරිකයන් උද්ඝෝෂණයක

(හැටන් රංජිත් රාජපක්ෂ)                      
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ඉකුත් මස 19වැනි දින ගිනිගත්හේන නගරයේ නායගිය වෙළඳසැල් 11හි වෙළඳ ව්‍යපාරිකයින් සහ නායයෑමේ අවදානමක් නිසා ඉන් ඉවත් කළ තවත් වෙළඳසැල් 42ක ව්‍යපාරිකයින් ගිනිගත්හේන නගර මධ්‍යයේ අද (03) උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.

නායයාම නිසා එහි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ගිනිගත්හේන නගරයේ ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකින් පසු තවත් වෙළඳසැල් 42ක් නායයාමේ අවදානමක පවතින බවට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරයාට සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට ලබාදුන් නිර්දේශයක් මත එම වෙළඳසැල් 42 කට අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් නිකුත් කර තිබූ වෙළඳ බලපත්‍රය තාවකාලිකව ප්‍රාදේශිය සභාව මගින් අත්හිටුවනු ලැබීය.

ඉන් අනතුරුව විදුලි බල මණ්ඩලය මගින්ද එම වෙළඳසැල් වෙත ලබා දි තිබු විදුලි බලයද විසන්ධි කරනු ලැබීය.
උද්ඝෝෂණයේ නියැලි සිටින අවතැන් වූ ව්‍යාපාරිකයන් ඉල්ලා සිටින්නේ තම ව්‍යාපාරික ස්ථාන වලින් ඉවත් කිරිම නිසා තම ආර්ථික ගැටළු රාශියකට මැදිවී සිටින බවයි.

එමනිසා ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාමට ගිනිගත්හේන නගරයේ සුදුසු ස්ථානයක ඉඩමක් හෝ වෙළඳසැල් ලබාදෙන ලෙස උද්ඝෝෂයේ නියැලි සිටින ගිනිගත්හේන නගරයේ ව්‍යපාරිකයෝ කියා සිටිති.

මෙම උද්ඝෝෂණයට සමගාමිව ගිනිගත්හේන නගරයේ සෙසු වෙළඳසැල්වල ව්‍යාපාරිකයන් විසින් කළු කොඩි ඔසවා උද්ඝෝෂණය ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට සිදු කරනු ලබයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අප අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතාගෙන් කළ විමසුකමට ඔහු කියා සිටියේ නායයෑමෙන් සහ නායයමේ අවදානමක් නිසා අවතැන් වූ වෙළඳ ව්‍යාපාරිකයන් සදහා ගිනිගත්හේන නගරයේම සුදුසු ස්ථානයක වෙළඳසැල් ඉදි කිරීමට කටයුතු කරන බවයි.



අදහස් (1)

නායයෑම් හේතුවෙන් ඉවත්කළ වෙළඳ ව්‍යාපාරිකයන් උද්ඝෝෂණයක

රජින්ද Saturday, 03 August 2019 05:56 AM

නාගරික නොවන ඔය කිසිම පාරක් අයිනේ කඩවල් කරගෙන හිටියට එම ඉඩම්වල අයිතිය ඇත්තේ මම හිතන්නේ මාර්ග සංවර්ධන අධිකාරියටයි. එතකොට මොවුන් බලහත්කාරයෙන් හෝ දේශපාලන හයියෙන් ව්‍යාපාර කරලා එතන ස්වභාවික ආපදාවකට ලක් උනොත් ඔවුන්ට වන්දි දෙන්න හෝ සාධාරණයක් කරන්න රජයකට බල කරන්නේ කොහොමද? රජයක් මෙවැනි අයට වන්දි දෙන්නේ අපේ බදු සල්ලි වලින් එය කෙතරම් සාධාරණද. අනික් අතට මොවුන් මේ ජීවිත අවධානමක් අරගෙන කඩ කරන්න ඉල්ලනවානම් මොවුන්ට දෙන්න, මොවුන්ගේ ජීවිත ගැන වගකීම බාර නොගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 481 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site