(දයාරත්න ඇඹෝගම)
පසුගිය වසරේ මාස් කන්නයේ නියඟයෙන් හානිවු කුඹුරු වෙනුවෙන් ලැබිය යුතු වගා හානි වන්දි මුදල් කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් මෙතෙක් තමන්ට ලබා නොදුන් බව හොරොව්පොතාන ගොවියෝ පවසති.
හොරොව්පොතාන අන්දරගොල්ලෑව ගොවි සංවිධානයේ සභාපති එස්.ඩී.ජයසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය.
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2017 මාස් කන්නයේ වගා කළ කුඹුරු අක්කර දහස් ගණනක් නියඟයෙන් විනාශ වුණා.
අපි රුපියල් 675 ගානේ මුදල් ගෙවලා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් කුඹුරු වලට රක්ෂණ ආවාරණයකුත් ලබා ගෙන තිබුණා. අක්කරයකට රුපියල් 40,000 ගානේ වන්දි මුදලක් ගෙවනවා කීවත් මෙතෙක් වන්දි මුදලක් ලැබුණේ නැහැ.
ගොවිතැන් කරන්න ගත්ත ණය තුරුස් අප්‍රමාණයි. කණකර පවා බැංකුවලට උකස් කර තිබෙනවා. කුඹුරු සී සැවේ ණයට. සල්ලි ඉල්ලලා ට්‍රැක්ටර් හිමියෝ ගෙවල් වලට එනවා. අපි මේ සම්බන්ධයෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරින්ට කිහිප වතාවක්ම පැමිණිලි කළා. හැමදාම කියනවා. ලබන සතියේ වන්දි ගෙවනවා කියලා.
ඒ වුණාට ඒ පොරොන්දුව සතියෙන් සතිය කල් ගිහින් දැන් අවුරුද්දකටත් ලංවෙලා තිබෙනවා.කඩිනමින් මේ වගා හානි වන්දි මුදල් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අන්දරගොල්ලෑව ගොවි සංවිධානයේ සභාපතිවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ අනුරාධපුර නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.සී.මුණසිංහ මහතා ගෙන් කළ විමසුමේදී ඔහු මෙසේ පැවසීය. හොරොව්පොතාන කොට්ඨාසයෙන් ලැබුණු සියලු අයදුම්පත් ලේඛන ගත කරලා ප්‍රධාන කාර්යාලයට යවා තිබෙනවා.
මේ සතිය අවසන්වීමට පෙර එම මුදල් වගා හානිවු ගොවියන්ගේ බැංකු ගිණුම්වලට යොමු කළ හැකිවනු ඇතැයි ද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මෙහිදී පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘නියඟයෙන් හානි වුවනට වන්දි ලැබී නෑ’