IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නියඟයෙන් උතුරේ පවුල් 91,639 කට පීඩා

(රොමේෂ් මධුෂංඛ)
 
උතුරු පළාතට මේ දිනවල පවතින නියං කාලගුණය හේතුවෙන් එහි ජීවත්වන පවුල් 91,639 කට අයත් පුද්ගලයින් 319,551 දෙනෙකු පීඩාවන්ට පත්ව සිටින බවට ප්‍රදේශයන් හි පිහිටි ආපදා කළමනාකරණ ඒකකය කියයි.


උතුරු පළාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32කට අයත් ජනතාව මෙසේ පවතින නියං තත්වයන් හේතුවෙන් පීඩාවන්ට පත්ව සිටින බවට දිස්ත්‍රික් භාර ආපදා කළමනාකරණ ඒකකයන් පෙන්වා දෙයි.


මේ අනුව යාපනය දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අයත් පවුල් 30,408කට අයත් පුද්ගලයන් 110,156 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.
වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4කට පවුල් 1,974කට අයත් පුද්ගලයන් 7,276ක් පීඩාවට පත්ව ඇත.


කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4කට අයත් පවුල් 24,099 කට අයත් පුද්ගලයින් 81,887ක් පීඩාවට පත්ව ඇත.


මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 29,421කට අයත් පුද්ගලයන් 102,163ක්, විපතට පත්ව ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4කට අයත්  පවුල් 5737කට අයත් පුද්ගලයන් 18,069ක්, විපතට පත්ව ඇති බවට අදාළ දිස්ත්‍රික්කයන් හි පිහිටි ආපදා කළමනාකරණ ඒකකයන් විසින් පෙන්වා දෙයි.


ප්‍රදේශයන්හි පිහිටි කුඩා වැව් සිඳී යාම හා වර්ෂාව නොලැබීම හේතුවෙන් දිනෙන් දින පීඩාවට පත්වන ප්‍රමාණයන් වැඩිවිය හැකි බවටද ආපදා කළමනාකරණ ඒකකයන් හි නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.



අදහස් (0)

නියඟයෙන් උතුරේ පවුල් 91,639 කට පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 409 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site