ප්‍රින්ස් රත්නායක
බලංන්ගොඩ නන්පේරියල් ගම්මානය දක්වා ඇති ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන්ව ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ වතු සමාගම විසින් නඩත්තු නොකිරීමෙන් ජන ජීවිතයට පීඩා එල්ල වී තිබේ.
ගල් ගැලවී විශාල ප්‍රමාණයේ වළවල් සෑදී ඇති අතර වරින්වර වැසි සමයත් සමඟ පස්කඳු තල්ලූ වී නාය යාමට ද ලක්වී ඇත.
දුෂ්කර මාර්ගයක් වන මෙහි ධාවනය වන්නේ ලංගමයට අයත් එකම බසයකි. එය ද පාරේ ඇති දුෂ්කරතාව හේතුවෙන් බළන්ගොඩ සිට විවේකානන්ද විදුහල දක්වා පමණක් ධාවනය කරනු ලබයි.
බසය මීට පෙර නන්පේරියල් තේ කම්හල දක්වා ධාවනය වුවත් නිසි නඩත්තුවක් නොමැති මාර්ගයේ බසය ධාවනය කළ නොහැකි හෙයින් පාසල දක්වා පමණක් ධාවනය කරනු ලබයි.
නන්පේරියල් ඉහළ කොටස හා නැග්ඩ්‍රඩ් වතයාය දක්වා වූ ජනාවසිකයින් කිලෝමීටර් 12කට වැඩිදුරක් උදේ සවස පයින් යාමට සිදුවීම හේතුවෙන් පීඩාවට පත් වී සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නන්පේරියල් පාර දැඩි ලෙස අබලන්