සිතුම් චතුරංග
වවුනියාව , නෙදුන්කර්ණි , පච්චතෙයිපිරන්කුලම ප‍්‍රදේශයේ නිධන් වස්තු ලබාගැනීම සඳහා ඉපැරණි චෛත්‍යක් කැණීම් කරමින් සිටි පුද්ගලයින් නවදෙනකු අද (11) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
නිධන් වස්තු ගැනීම සඳහා පච්චතෙයිපිරන්කුලම රජයේ රක්ෂිතයක පිහිටි ඉපැරණි චෛත්‍යක් කැණීම් කරමින් විවිධ පූජා පවත්වන පිරිසක් පිළිබඳ පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
නිධන් හාරමින් සිටි පුද්ගලයින් විසින් බිළිපූජා පැවැත්වීම සඳහා එම ස්ථානයට රැගෙන ආ කුකුළන් සහ පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් මාතලේ හා වවුනියාව ප‍්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ සහ සිංහල පිරිස් වන අතර ඔවුන් විසින් දීර්ඝ කාලයක සිට අදාළ ස්ථානය පිළිබඳ පරීක්ෂා කිරීමෙන් පසුව නිධන් ගැනීම සඳහා කැණීම් ආරම්භ කර ඇතැයි ද කීය.
සැකකරුවන් සතුව තිබී උදළු, අලවංගු ඇතුළු කැණීම් කිරීමට රැගෙන ආ උපකරණද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
2025 දෙසැම්බර් මස 18
478
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් වස්තු ගන්න ගිය 9 ක් අත්අඩංගුවට