IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිදන් හැරූ 3 ක් අත්අඩංගුවට

(කුෂාන් ජයවර්ධන)
 
කැකිරාව මඩාටුගම දුනුමඬලාව ප‍්‍රදේශයේ ගෙවත්තක පිහිටි ගල් තලාවක නිධන් සොයා අනවසර කැනීමක් සිදුකරමින් සිටි කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙක් කැනීම් උපකරණ රැසක් සමඟ අද (28) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
 
අදාල නිවස පසුපස අනවසර කැනීමක් සිදුවන බවට කැකිරාව පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් අනුව සිදුකළ වැලීමකදී සැකකරැවන් හා අදාළ කැණීම් උපකරණ තොගය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ. 
 
වැටලීම සිදුවන අවස්ථාවේදී එක් සැකකරැවකු පලා ගොස් ඇති අතර එම සැකකරු මේ වනවිට පොලිසිය හඳුනාගෙන ඇති අතර පලාගිය එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
 
මඩාටුගම දුනුමඬලාව ප‍්‍රදේශෙය් පදිංචි 56 හැවිරිදි කාන්තාවක්, හිඟුල  ඕවත්ත ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් , දෙහිඕවිට පිටිදෙනිය ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට  ගත් කාන්තාව මින් පෙරද නිධන් සොයා අනවසර කැනීම් සිදු කිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත් තැනැත්තියක් බව පොලිසිය කියයි. 
 
අත්අඩංගුවට පත් කාන්තාව ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට (29) කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



අදහස් (0)

නිදන් හැරූ 3 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site