( සුමතිපාල දීයගහගේ)
තීරුබදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරැට් තොගයක් සමඟ පුද්ගලයෙකු අහංගම බස් නැවතුම්පොල අසලදී අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිස් දිසා දූෂණ මර්ධන අංශය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී විදේශීය සිගරැට් 213 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.
අහංගම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන මොහු විවිධ ආහාර වර්ග වෙළදසැල්වලට බෙදාහරින මුවාවෙන් මෙම සිගරැට් ජාවාරමකර ගෙන ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී තිබේ.
කොළඹ ප්‍රදේශයෙන් සිගරැට් ගෙනවිත් අහංගම ප්‍රදේශයෙදී අලෙවි කරන බව සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී අනාවරණයවී ඇත.
සැකකරු අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිතී විරෝධි විදේශිය දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට