( බී .ජී. චතුරංග )
නීති විරෝධීව, කිසිදු බලපත්‍රයක් නොමැතිව හිංසා කාරී අයුරින් ගවයන් ප්‍රවාහනය කල ජීප් රථයක් පොලිස් අණනොතකා ධාවනය වු අවස්ථාවේ පොලිස් ජීප් රථයකින් මග අහුරා සැකකරුවන් තිදෙනෙකු සමඟ අද (21දා) අත්අඩංගුවට ගැනීමට උතුරුමැද පළාතබාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා යටතේ ක්‍රියාත්මක දිසා වැටලිම් ඒකකයට හැකිවි තිබේ.
සැකකරුවන් ගමන්කල රථය පරික්ෂා අනුරාධපුර හල්මිල්ලකුලම ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කීරිමේදී එම රථයේ පිටු පස දැඩි ලෙස සත්ව හිංසනය ඇති වන අකාරයට ගවයින් සිවුදෙනෙකු බැද සිටි බවත් එම සතුන්ගේ ගෙල සිර වන අන්දමින් ට්‍රක්රථයේ ගැටගසා සිටි බවත් තවත් ගවයෙකුගේ පාද ගැටගසා හිංසාවන අයුරින් රථයට පටවා තිබුබව පොලිසිය කියයි.
සැකකරුවන් ප්‍රවාහනය කල ගවයන්ට මුදල්ගෙවා ලබාගත් කුවිතාන්සි හෝ වෙනත් කිසිදු බලපත්‍රයක් නොවුබව පවසන පොලිසිය සැකකරුවන්ගෙන් වෙන්වෙන්ව සිදු කල ප්‍රශ්න කිරිම්වලදි තන්තිරිමලය, නොච්චියාගම, කල්ලංචිය යන ප්‍රදේශවලින් ගවයන් මිලදි ගත්බව පවසමින් පොලිසියට පරස්පර ප්‍රකාශ සිදුකර තිබුණි.
සැකකරුවන් ගවයන් සොරකම්කර නාච්චාදූවේ පිහිටි ගව ඝාතකාගාරයට මස් පිනිස ඝාතනය කිරිමට රැගෙන යන්නට ඇති බවට පොලිසියට සැකමතුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරික්ෂන සිදුකරයි.අත්අඩංගුවටගත් වයස අවුරුදු 36-44-55 වියේ පසුවන නාච්චාදූවේ පදිංචිකරුවන් අද (21දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි


2025 නොවැම්බර් මස 04
783
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නීතී විරෝධිව ගවයින් ප්‍රවාහනය කළ තිදෙනකු අත්අඩංගුවට
sumedha nandasiri Thursday, 21 May 2020 12:16 PM
ගව ඝාතනය නතර කරන්න පුළුවන් හරි නායකයෙක් මේ බුදුන් තුන් වරක් වැඩි මගේ රටේ පත් කර ගැනීමට හැමදෙනාටම නුවන පහල වේවා.