IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නීති විරෝධීව කොස් ලී ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට


(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
 
බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරණ ලද රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඉරණ ලද කොස් ලී තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනෙක් අද (27) දහවල් 12.30 ට පමණ උළුවිටිකේදී අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය කියයි. පොලීසිය පවසන්නේ ඉරන ලද  ඇල්බීසියා ලෑලි උඩින්  දමා සඟවාගෙන මෙම කොස් දැව තොගය ප්‍රවාහනය කර ඇති බවයි.

වෙනත් රාජකාරියක් සඳහා ගමන් කරමින් සිටි පෝද්දල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නාලක මාගෙදර මහතා මෙම දැව ට්‍රක් රථය හෝළුවාගොඩදී නිරීක්ෂණය කර එහි පසුපස ලුහුබැඳ ගොස් මෙම දැව තොගය සහිත ට්‍රක් රථය  අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්, දැවතොගය සහ ට්‍රක් රථය හෙට (28) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පෝද්දල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ  කටයුතු සිදුකරයි.



අදහස් (0)

නීති විරෝධීව කොස් ලී ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32267 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14760 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 357 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site