(රොමේෂ් මධුෂංඛ)
යාපනය කයිට්ස් මුහුදු තීරයේ නාවික හමුදාවෙන් සිදුකළ සෝදිස් මුර සංචාරයන් අතරතුරදී නීතිවිරෝධීව තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
කයිට්ස් චිට්ටික්කාඩු මුහුදු ප්‍රදේශයේදී අදාල පිරිස් විසින් තහනම් දැල් භාවිතයෙන් මසුන් අල්ලා ඇති අතර උතුරු නාවික විධානයට අයත් නාවික මුර යාත්‍රාවක් විසින් සිදුකල සෝදිසියකදී මෙම පිරිස සොයාගෙන ඇති අතර එහිදී තහනම් දැල් සමගින් අල්ලන ලද මසුන් කිලෝ 35 ක් හා ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් පිරිස් යාපනය කයිට්ස් අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ත් 51 ත් අතර වයසේ පසුවන අතර එම පිරිස් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.


2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නීතීවිරෝධීව මසුන් ඇල්ලූ 7 ක් අත්අඩංගුවට