IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නීතිවිරෝධීව මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙ‍‍කු හා ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (28) නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් මගින් ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එලාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.

එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් පසුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත බාරදීමට නියමිතය.

මෙම වසරේ දි මෙවැනි නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සමඟින් ට්‍රෝලර් යාත්‍රා 04 ක් නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. 

කෙසේ නමුත් මේ ආකාරයෙන් දේශ සීමා උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල සිදු කරන අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීමටත්, දේශිය ධිවරයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටි.

(28535)



අදහස් (1)

නීතිවිරෝධීව මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

සඳුන් Monday, 28 January 2019 05:08 PM

අද අල්ලනවා හෙට නිදහස් කරනවා. ඒ අයගේ කැඩිච්ච බෝට්ටු ටිකත් හදලාම බාරදෙනවා. අනේ මෙහෙමත් ආණ්ඩු.. මහ ලොකු උජාරුවට නිදහස් දිනය පවත්වනවා !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site