(කටුනායක ටී.කේ.ජී.කපිල )
ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි වර්ග දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීම සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව ඔස්සේ රැගෙන යමින්, එහි ආවේක්ෂණ රාජකාරීයේ නියැලී සිටි ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු අද (08) ඩුබායි සිට පැමිණි ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 341 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් ගෙන ආ විශාල ගමන් මලු දෙකක් තුළ බිස්නස් රෝයල් වර්ගයේ දුම්වැටි 17,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 88 ක් සහ ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 6,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 32ක් ද සඟවාගෙන තිබුණි.
එහි රුපියල් පහලොස් ලක්ෂ හැට දහසක් (15,60,000) ක් වටිනා දුම්වැටි 24,000ක් අඩංගු දුම්වැටි කාටූන් 120 ක් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීවරයෙකු පැවසීය.
මෙම ගුවන් මගියා මේ වනවිට පොලිස් ඇප මත නිදහස් කර යවා ඇති අතර, ඔහු සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගය ලබන 14 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිතීවිරෝධීව දුම්වැටි ගෙනආ අයෙකු අත්අඩංගුවට