IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නීතිකැඩූ රියැදුරන්ට දැඩි නීති

(පුත්තලම - ජුඩ් සමන්ත.)
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථ වාහන අංශය විසින් හලාවත ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි මෙහෙයුමකදී විවිධ රථ වාහන නීති උල්ලංඝනය කළ රියදුරන් 27 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.


14 වැනිදා මෙම මෙහෙයුම සිදු කර ඇත.


හලාවත නගරයට ආසන්නයෙන් රිය අනතුරු බහුලව සිදු වන බවට හඳුනා ගෙන ඇති ස්ථාන වලදී මෙම මෙහෙයුම දියත් කර ඇත.


මාර්ග නීති කඩ කළ රියැදුරන් 15 දෙනෙකුට, ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරු පැදි ධාවනය කළ 05 දෙනෙකුට සහ වෙනත් රථ වාහන වැරදි සිදු කළ රියැදුරන් 07 දෙනෙකුට එරෙහිව කටයුතු කර ඇත.


ත්‍රී රෝද රථ රියදුරන්, යතුරු පැදිකරුවන් සහ පුද්ගලික බස් රථ රියදුරන් දැනුවත් කිරීමටද රථ වාහන නිලධාරීන් මෙම මෙහෙයුමේදී කටයුතු  කර තිබුණි. විශේෂයෙන්ම සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබුණි. අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති බහුතරයක් සුඛෝභෝගී වාහන පැදවූ රියදුරන් වීම විශේෂත්වයකි.


පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදි.



අදහස් (1)

නීතිකැඩූ රියැදුරන්ට දැඩි නීති

jayatissa Sunday, 17 June 2018 12:20 AM

ලොකුකම් බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඉතා අගෙයි.ඊයේ අපි කතරගම ගියා.අලුත් වාහන ඩබල් ලයින් කපා ගෙන යන හැටි දැක්කම පොලිසියක් නැද්ද කියලාත් හිතෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site