(දයාරත්න ඇඹෝගම)
නොච්චියාගම ප්‍රාදේශීය සභාව මේ වන විට දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබීමෙන් සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතයි සභාපති ආර් .බි.ගුණරත්න මහතා සඳහන් කරයි.
වසර තුනක පමණ කාලයක් ලේකම්වරයකු යටතේ පාලනය වූ කාලය තුළ සභාවට ලැබිය යුතු බදු මුදල් නිසි ලෙස ලබා නොගැනීමත් ජල බිල්පත් නිසි ලෙස ලබා නොදීමත් සමඟ මෙම මුල්‍ය අර්බුදය උග්‍රවී තිබේ.
සභාව සතු බැකෝ යන්ත්‍ර ඇතුළු යාන්ත්‍රික උපකරණ වලට අවශ්‍ය ඉන්ධන හා නඩත්තු කටයුතු සඳහා විශාල ලෙස මුදල් වැය කර ඇතත් එම උපකරණ වලින් සභාවට කිසිදු ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇත. ඒ අනුව මෙම ඉන්ධන යොදා ගනිමින් සිදු කළ සංවර්ධන වැඩ පිළිබඳව නිසි වාර්තාවන් සභාව සතුව නොමැති බවද එහි සේවකයෝ පවසති.
මේ වන විට නොච්චියාගම ප්‍රාදේශීය සභාව සතුව ඇත්තේ රුපියල් හාරලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් වන අතර මෙම මාසයේ සේවක වටුප් ගෙවීම සඳහා පමණක් රුපියල් තුන් ලක්ෂ හතලිස් දහසක පමණ මුදලක් ගෙවීමට ඇති අතර ඉදිරි මාසවල අනියම් සේවකයන් සඳහා මෙම වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් උදවී ඇත.
පසුගිය කාලයේ ඇතැම් සේවකයන් නිකරුණේ කාලය ගතකරමින් සිට ඇති අතර මේ නිසා සභාවට ලැබිය යුතු බදු මුදල් පවා ලබා ගැනීමට අපොහොසත් වී තිබේ. ජල බිල්පත් ලබාදීමේදී සේවකයන් වංචාකාරී ලෙස බිල්පත් නිකුත් කිරීමක් පිළිබඳවද සභාවේ දැඩි අවධානය යොමු වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොච්චියාගම ප්‍රා.සභාවේ මුල්‍ය අර්බුදයක්