IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නැගෙනහිර ඝාතනයෙන් ගාල්ල සසල වෙයි

(ජේ.කේ.එල් චාමින්ද)

 

මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදී ඝාතනයට ලක්වු  ඩබ්ලිව් ජි නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නැමති  පොලිස් කොස්තාපල්වරයාගේ මරණය සම්බන්ධව අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා සාධාරණත්වය ඉෂ්ඨ කරදෙන ලෙස පවුලේ ඥාතිහූ වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලීමක් කරති.

ඝාතනයට ලක්වු පොලිස් කොස්තාපල්වරු දෙදෙනාගෙන් අයෙකු වන නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නැමති පොලිස් කොස්තාපල්වරයා  බැද්දේගෙදර හන්දිය, බංගමුව පාර ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචිකරවෙකි.

මියගිය කොස්තාපල්වරයාගේ තොරතුරු සොයා අද (30) පස්වරුවේ ඔහුගේ නිවසට අප ගිය අවස්ථාවේ පවුලේ ඥාතීහු මේ බව ප්‍රකාශ කළහ.

මෙකී ඝාතනය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා ඝාතනය ගැන අනාවරණය කළයුතු බවද පවුලේ ඥාතීන්  රජයෙන් ඉල්ලා සිටිති. ඝාතනයට ලක්වු  නිරෝෂන් ඉන්දික ප්‍රසන්න (35) එක් දරුපියෙකි.

ඔහුගේ බිරිඳ නදීකා ලක්මාලි තිස්තුන් හැවිරිදි වියේ පසුවන්නීය. මෙකී යුවළගේ  එකම පුතු  තෙනුජගේ වයස අවුරුදු හතර හමාරකි. පුංචි පුතු පෙර පාසල් වියේ පසුවෙයි.

ඝාතනයට ලක්වු පොලිස් කොස්තාපල්වරයාගේ  බාල සහෝදරයා වන මදුර සම්පත් (28) අප සමඟ මෙසේ කීවේය.

අයියා ඉගෙන ගත්තේ උඩුගම මහා විද්‍යාලයෙන්. අයියා තමයි පවුලේ වැඩිමලා. අපේ පවුලේ සහෝදර සහෝදරයින් හතර දෙනෙකු ඉන්නවා. අයියා 2009 වර්ෂයේ දි තමයි පොලිසියට බැදුණේ. අයියා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ සේවය කළා. දැනට වසර එකක් හා මාස 11ක සිට මඩකළපුව වව්නතිව් පොලිසියේ රාජකාරි කරනවා. දුෂ්කර සේවා කාලය අවසන්ව ඇති නිසා ලබන අවුරුද්දේ ජනවාරිවල ස්ථාන මාරුවක් ලැබ මේ අවට  පොලිසියකට එන්න හිටියේ. නිවාඩුවට ඇවිත් ගෙදර ඉදලා දින හතරකට කලින් තමයි යළි රැකියාවට ගියේ. අයියාට කරදරයක් වී ඇති ආරංචිය මගේ මිතුරකුගෙන් තමයි දැන ගත්තේ. පොලිසියෙන් ද පැමිණ මේ ගැන කීවා.  අයියා මරණය ගැන  ඇත්ත තත්වය අපි දැන ගන්න ඕනෑ. මේ ගැන වහාම පරික්ෂණයක් පවත්වා සාධාරණත්වය ඉෂ්ඨකරදෙන ලෙස ඉල්ලා සිටිනවා  ඔහු ඉතා හැඟුම්බරව කීවේය.

නිරෝෂන් ඉන්දිකගේ හදිසි වියෝවයෙන් උඩුගම බැද්දෙගෙදර ප්‍රදේශය ශෝකයෙන් ඇළලී ගොස් ඇත්තේය. නිරෝෂන්ගේ මව ඉකිබිදිමින් හඩන්නීය. නිරෝෂන්ගේ එකම පුතු ඇයි  ආත්තේ  හඩන්නේ මේ පුංචි පුතු අසන්නේය.  නිරෝෂන්ගේ මව  වන එම් ටි රංජනිට තම පුතුගේ හදිසි වියෝවය දරාගත නොහැකිය. ඇය කදුළු සලමින් මෙසේ කීවාය.

පුතා ඊයේ  උදේ මාත් එක්ක දුරකථනයෙන්  කථා කළා.  මම කීවා මට සනීප නැහැ කියලා.   අම්මා බෙහෙත්  අරගෙන මල්ලිත් එක්ක පුතාලාගේ ගෙදර එන්න කියලා මට කීවා. එදින රාත්‍රී තාත්තාට කථා කරලත් අහලා තියෙනවා  අම්මා බෙහෙත් ගෙනාවාද කියලා. අනේ මගේ පුතාට මොකක්ද මේ වුණේ ඇය හඩා වැළපෙන්නීය.

නිරෝෂන් ඉන්දිකගේ පියා ඩබ්ලිව් ජි උපසේන (55) ය. ඔහුට ද තම පුතුගේ වියෝවය දරාගත නොහැකිය.

ඊයේ රාත්‍රී මට පුතා දුරකථනයෙන් කථා කළා. මම ඒ වේලාවේ කඩයේ  හිටියේ. අම්මා බෙහෙත් ගෙනාවාදා කියලා ඇසුවා. බෙහෙත් ගෙනාවා  කඩයේ සෙනග ඉන්න නිසා පස්සේ කථා කරන්නම් කියා මා කීවා යැයි පියා කීවේය. 



අදහස් (0)

නැගෙනහිර ඝාතනයෙන් ගාල්ල සසල වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site