(බී.ජානක)
දෙහිවල ද අල්විස් පෙදෙසේ දෙමහල් නිවසක අද (4) පස්වරුවේ 3.30 ට පමණ ඇති වූ ගින්නකින් එහි උඩුමහලට දැඩි හානි සිදු වී ඇතැයි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැවසීය.
ගින්න ඇති වන අවස්ථාවේ දී නිවස තුළ වයස් ගත කාන්තාවක් සහ මෙහෙකාරිය සමඟ කුඩා දරුවකු සිට ඇතත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැතැයි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැවසීය.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් යොදා ගනිමින් ගිනි නිවීමේ භටයින් 8 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ගින්න මුළුමනින්ම මැඩ පැවැත්වීමට හැකි වූ බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ අංශ බාර නිලධාරී සුනන්ද පෙරේරා මහතා පැවසීය.
ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට සැකකෙරෙන බවද ගිනි නිවීමේ ඒකකය පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දෙහිවල දෙමහල් නිවසක ගින්නක්