(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
කාන්තාවක් දුෂණය කර වසර දහයකට අධික කාලයක් තිස්සේ තම හැඩරුව වෙනස් කර ගනිමින් සැඟවී සිටි ත්‍රී රෝද රථ රියදුරකු අද (1) ගාල්ල කොටුවේ පිහිටි නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගාල්ල නගරයේ දී සැකකාර ත්‍රී රෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් 2008 වර්ෂයේ මැයි 18 වැනි දා මෙකී කාන්තාව ගාල්ල නගරයේ පිහිටි ලැගුම්හළකට රැගෙන ගොස් දුෂණයට ලක්කර ඇති බව පොලිසිය කියයි.
සැකකාර ත්‍රී රෝද රථ රියදුරු මෙම කාන්තාව සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ.
එම සම්බන්ධතාවයෙන් දින කිහිපයකට පමණ පසුව ඇය ලැගුම්හලක් වෙත රැගෙන ගොස් කාන්තාවගේ දැඩි අකමැත්තෙන් දුෂණයට ලක්කර තිබේ.
පසුව මේ ගැන අදාළ කාන්තාව ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව සැකකරු පානදුර ප්‍රදේශයට පලා ගොස් එහි සැඟවී සිට තිබේ.
වසර 7කට පමණ පසුව එම ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී හබරාදුව ප්‍රදේශයට පැමිණ පදිංචිව සිට තිබේ.
ඔහු තම හැඩරුව වෙනස්කර ගනිමින් ත්‍රී රෝද රථයක් තබාගෙන කුලී ගමන් ගොස් ඇති බවද පොලිසිය කියයි.
මීට මාස දෙකකට පමණ ඉහතදී ගාල්ල නගරයට පැමිණ ත්‍රී රෝද රථය තබාගෙන කුලී ගමන් ගොස් තිබේ. නීතිය බලගැන්වීමේ ඒකකයේ බුද්ධි අංශ නිලධාරින් විසින් මොහු ගැන තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දස වසරකට පසු ස්ත්‍රී දූෂණයෙක් අත්අඩංගුවට
Asanka Sunday, 01 July 2018 11:56 AM
නීතිය බලගැන්වීමේ ඒකකයේ බුද්ධි අංශ නිලධාරින් ජයවේවා.. ඉතා හොඳ පුවතක්, කොයි කාලෙකට පස්සේ හරි ඔවුන් නිතිය ඉටුකලා