IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දුෂ්කර පළාත් ජල ව්‍යාපෘති ගැන අධීක්ෂණයක්

(විනීතා එම්  ගමගේ)

දුෂ්කර පළාත් සඳහා ලෝක බැංකු ආධාරයෙන් ක‍්‍රියාත්මක වන පානීය ජල සැපයුම් හා සනීපාරක්ෂක ව්‍යාපෘති කඩිනම් කිරීමේ අරමුණින් අධීක්ෂණය කිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය කටයුතු යොදා ඇත. 


එම අමාත්‍යංශයේ ලේකම් ඩි.ජී.එම්.වී හපුආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කණ්ඩායමක් විසින් ඒ සඳහා අද (22)  සිට 24 වැනිදා දක්වා  අදාල  ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට නියමිතය. 


නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදේශකත්වය මත දැනට දුෂ්කර දිස්ත‍්‍රික්ක හතක  ක‍්‍රියාත්මක වන පානීය ජල සැපයීම හා සනීපාරක්ෂක ව්‍යාපෘතීන් අතර මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මකවන හා ඉදිවෙමින් පවතින ව්‍යාපෘතීන් මෙම චාරිකාවන්  නිරීක්ෂණ සහ අධීක්ෂණය කිරීමට නියමිතය.


එම ව්‍යාපෘතිවල සේවකයන්ට පුහුණු කිරීම හා මග පෙන්වීමේ වැඩසටහන්ද මෙම කාලය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

 



අදහස් (0)

දුෂ්කර පළාත් ජල ව්‍යාපෘති ගැන අධීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site