IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දේවහූවේ වැව් රක්ෂිත පිළිබඳ කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිට පැමිණිල්ලක්

(ඉන්දික අරුණ කුමාර)

මාතලේ  ගලේවෙල දේවහුව ගොවිජන සේවා බල ප‍්‍රදේශයට අයත් වැව් රක්ෂිත ප‍්‍රදේශ කිසියම් පිරිස් විසින් වසර ගණනාවක් තිස්සේ බලෙන් අල්ලා ගෙන සිටිම නිසා වැව්වලට විශාල හානියක් සිදුව ඇති බව  දේවහුව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

ඇතැම් පුද්ගලයින් රක්ෂිතයට ඔප්පු පවා සාදාගෙන ඇති  බව ද  කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ මහතා ඉදිරියේ ඔවුහු කියා සිටියහ..

ඔවුන් මේ බව කියා සිටියේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා දේවහුව ගොවිජන බල ප‍්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජතයින්ගේ හමුවකදීය.

විශේෂයෙන් දේවහුව ජලාශයේ ද වැව් රක්ෂිතය අල්ලාගෙන ඇති බවත් වැව් රක්ෂිත අල්ලා ගෙන ඇති නිසා වැව් තාවුලූ විනාශ වි ඇති බවත් මේ නිසා වැව් ගොඩවිමේ අවදානමක් ඇතිවි තිබෙන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන්හ.

අමාත්‍ය වසන්ත අලූවිහාරේ මහතා වහාම මේ පිළිබදව පරික්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් සපයන ලෙස එම රැස්විම සදහා සහභාගි වි සිටි මාතලේ සහකාර ගොවිජන සේවා කොමසාරිස් පි.ජි සෝමරත්න මහතාට උපදෙස් දුන් අතර එහිදි කොමසාරිස්වරයා කියා සිටියේ ඉදිරි කාලය තුළ වැව් රක්ෂිත මායිම් කර මායිම් ගල් දමා සකස් කරන බවයි.

 



අදහස් (1)

දේවහූවේ වැව් රක්ෂිත පිළිබඳ කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිට පැමිණිල්ලක්

Suresh Friday, 18 August 2017 08:59 AM

එහෙම කොහොමද වැවක් බලෙන් අල්ලාගෙන ඉන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site