IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දඹුලු රෝහලේ රෝහල්කාර්ය මණ්ඩල හිඟයෙන් රෝගීන් අසීරුවට

(කාංචන කුමාර ආරියදාස)
 
 
 
දඹුල්ල  වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු ඇතුළු සේවක හිඟය නිසා රෝගීන් මෙන්ම දැනට සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සියළු සේවකයන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සේවකයෝ පවසති.


දඹුල්ල රෝහලේ වෛද්‍ය හිඟය පිළිබඳව අප  රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ගාමිණී සේනානායක මහතාගෙන් විමසීමේදී සේවක හිඟය පිළිබඳව හෙළිදරව් කරගැනීමට හැකියාව ලැබිණි.


 එම වාර්තා අනුව දඹුල්ල රෝහලේ දැනට වෛද්‍යවරුන් 58 සේවය කරති.  වෛද්‍යවරුන් 25ක පමණ එහි හිඟයක් පවතී. එමෙන්ම   රෝහලේ හෙද හෙදියන් ප්‍රමාණය 178 කි. එහි හිඟය හෙද හෙදියන් 40කි. රෝහලේ දැනට සේවය කරන සුළු සේවකයන් පිරිස 110 කි. තවත් සුළු සේවකයන් 70ක් පමණ හිඟයක් පවතී . එමෙන්ම අතුරු වෛද්‍ය සේවය සඳහා ද 20  පමණ හිඟයක් පවතින බව අනාවරණය වෙයි.


දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ගාමිණී සේනානායක මහතාගෙන් විමසීමේදී මෙම පුරප්පාඩු පිළිබඳව හෙළිදරව් විණි. ඒ අනුව සියළු වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය 150 කටත් වඩා   හිගයක්  පැවතෙද්දී  දඹුල්ල රෝහල මේ ආකාරයෙන් පවත්වාගෙන යන බව රෝහල් සේවකයෝ පවසති.


දඹුල්ල රෝහලෙන් දිනකට බාහිර රෝගී අංශයෙන් පමණක් එක්දහස් පන්සියයකට වඩා රෝගීහු ප්‍රතිකාර ලබති. එමෙන්ම අනුරාධපුර පොලොන්නරුව මාතලේ කුරුණෑගල  ත්‍රිකුණාමලය ආදී දුර බැහැර දිස්ත්‍රික්කවල  බෝහෝ රෝගීන් දඹුල්ල රෝහලින් ප්‍රතිකාර ලබා ගන්නා බව රෝහල් සේවකයෝ පවසති.


නේවාසික රෝගීන්ට පවතින ඉඩකඩ අවම වීම නිසා නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් එක ඇඳේ දෙදෙනා තුන්දෙනා බැගින් ප්‍රතිකාර ලැබීම ද මෙහි තවත් විශේෂත්වයකි.


රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයකු කියා සිටියේ සංවර්ධන කමිටුව රැස්වී මේ පිළිබඳව මැතිඇමතිවරුන්ට බලධාරීන්ට මාධ්‍ය හරහා පවා දැනුම් දුන්න ද අවසානයේදී සිදුවන්නේ මැතිඇමැතිවරුන් දඹුල්ල රෝහලේ නිරීක්ෂණ චාරිකා වලට පැමිණ මාධ්‍ය සංදර්ශන පවත්වමින් යන බවය. ඔවුන් කිසිදු ආකාරයකින් දඹුල්ල රෝහලට අඩුපාඩුවක්ව පැවති මානව සම්පත ලබා නොදෙන බවද ඔහු පැවසීය.


දඹුල්ල රෝහල නවීන රෝහලක් බවට පත් කිරීම සඳහා මේ වන විටත් රජයේ අවධානය යොමු වී තිබෙන බවත් කඩිනමින් නව රෝහල් සංකීර්ණයක් දඹුල්ලේ ඉදිකිරීමට නියමිත බව ‍ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පැවසුවාය.


රෝහල්වල පවතින මානව සම්පත් හිඟය පිළිබඳව මේ වන විට ඉහළ බලධාරීන්ට තමන් දැනුම් දී ඇති බවද ඇය වැඩිදුරටත් කීවාය.



අදහස් (0)

දඹුලු රෝහලේ රෝහල්කාර්ය මණ්ඩල හිඟයෙන් රෝගීන් අසීරුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31662 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14118 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 186 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site