IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දඹුල්ල- බකමූණ ප්‍රධාන මාර්ගයේ ඇති බුද්ධ ප්‍රතිමාවක්-පිං පෙට්ටියක් කඩා විනාශ කරලා

(කාංචන කුමාර ආරියදාස )


දඹුල්ල බකමුණ ප්‍රධාන මාර්ගයේ රිදී ඇල්ල රක්ෂිතය අසන්නේ වසර ගණනාවක් සිට එහි  ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහන හිමියන් පඬුරු දමන  බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ පිංපෙට්ටිය සිව්වන වතාවටත්  කිසියම් පිරිසක් කඩා විනාශ කර දමා ඇතැයි එහි විහාරාධිකාරී ස්වාමින් වහන්සේ දඹුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.


මෙම ස්ථානයේ තැන්පත් කර තිබූ  බුද්ධ ප්‍රතිමා වහන්සේට සහ එහි ආවරණය සඳහා යොදා තිබූ වීදුරු පෙට්ටියට මෙවර කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමා ඇතිබව  සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක   රංගිරි දඹුල්ල රංගිරි පාය රජමහ විහාරාධිපති කුඹුක් කඳන්වල නන්දවිමල හිමියෝ පවසති.


උන්වහන්සේ කියා සිටියේ තම විහාරස්ථානයට අයත් විහාරයක භාරකාරත්වයෙන් යුතුව මෙම ස්ථානයේ වඩා හිඳුවා සිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම පිංකැටය අවස්ථා කිහිපයක දී කඩා සුනු විසුනු කර දමා තිබුණු බවය. 


කෙසේවෙතත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ තම ගම්මානයේ ම කණ්ඩායමක් විසින් මෙම අපරාධය සිදු කරන බවට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙන බවයි. තොරතුරු පිළිබඳව සියලු දත්තයන් දඹුල්ල පොලිසියට ලබාදී ඇතැයිද උන්වහන්සේ පවසති.


බකමූණ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහන හිමියන් රක්ෂිතයට ඇතුළු වන ස්ථානයේ පිහිටි මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ පඬුරු දමා කොළ අත්තක් එල්ලා එම ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීම වසර ගණනාවක සිට සම්ප්‍රදායිකව සිදු කරගෙන එනු ලබයි.


  ප්‍රාදේශීය දේශපාලඥයකු ඇතුළු පිරිසක් මෙහි ආදායම් ලබාගැනීම කාලයක සිට  සිදුකොට ඇතැයි උන්වහන්සේ පවසති. පඬුරු ආදායම අහිමි වීමත් සමඟ ගමේ පන්සලත් එක්ක උරණ වූ පිරිසක් මෙම අපරාධය සිදු කරමින් පවතින බවද උන්වහන්සේ සඳහන් කරති.



අදහස් (0)

දඹුල්ල- බකමූණ ප්‍රධාන මාර්ගයේ ඇති බුද්ධ ප්‍රතිමාවක්-පිං පෙට්ටියක් කඩා විනාශ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site