IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දඹුල්ල අධිකරණය ඉදිරිපිට පදික මාරුවේදී කතක් මරුට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට  පදික මාරුවේදී  පාර මාරුවෙමින් සිටි කාන්තාවක්  ත්‍රීරෝද රියක ගැටීමෙන් මියගොස් ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගලේවෙල   තලකිරියාගම පදිංචි ප්‍රියන්ති මොනිකා(42) නමැති එක්දරු මවකි .  දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී සේවය කරන නීතිඥවරියකගේ සහායිකාවක් ලෙස මියගිය කාන්තාව  සේවය කරමින් සිටියාය.

ත්‍රී රෝද රථයේ ගැටීමත් සමග  මීටර් 30ක් පමණ දුරට විසි වී  පෞද්ගලික අවශ්‍යතාවයකට එහි පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතාගේ කකුල් දෙක ළඟ  තුවාලකාරිය වැටී ඇතැයි කියති.

ඇය රෝහල වෙත රැගෙන යෑම සඳහා තිස්ස බණ්ඩාර හේරත් මහතා ඉදිරිපත් වී ඇතත් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය ගියාය.

අනතුර සිදුකළ ත්‍රීරෝද රථය සමග එහි රියදුරු සැකපිට දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

දඹුල්ල අධිකරණය ඉදිරිපිට පදික මාරුවේදී කතක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site