(නිමල් ජයරත්න
දිඹුලාගල බිම්පොකුණ වෙල්යායට නුදුරින් කුඩා රක්ෂිතයක මියගිය වන අලියෙකුගේ සිරුරක් අද(30) හමු වූ බව ගොවීහු පවසති.
අලියාගේ මුඛ ප‍්‍රදේශයේ වෙඩිල්ලක සලකුණක් සහ තුවාලයක් දක්නට තිබෙන බවද ඔවුහු කියති.
මෙම වන අලියා මීට දින හතරකට සිට බිම්පොකුණ වැවේ සහ ප‍්‍රදේශයේ සැරිසරමින් සිටි බවත් ඔවුහු කියති.
අප මේ පිළිබඳව වෙහෙරගල වනජීවි නිලධාරි කාර්යාලයෙන් කළ විමසීමකදි එහි උසස් නිලධාරියෙකු පැවසුවේ එම අලියාට වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයෙකු පැමිණ දින කිහිපයකට පෙරදි ප‍්‍රතිකාර කළ බවත්, අලියා මියගොස් ඇත්තේ හක්කපටස් ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් බවට සැක කරන බවත්ය.
අලියාට වෙඩි වැදී ඇද්ද යන්න සොයා බලන බවත් ඒ සඳහා පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප - ජේ. ඒ. ජයකොඩි)


(ඡායාරූප - නිමල් ජයරත්න)


2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
885
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දිඹුලාගල රක්ෂිතයක අලියකුගේ සිරුරක්