IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දඹානටත් ආසූත ජල පෙරණයක්

“රකිමු වකුගඩු පණ සේ - සුවය දිවිමග එවිට සැළසේ” තේමාවෙන්, වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින්  නිෂ්පාදනය කළ තවත් ප්‍රති ආසූත ජල පිරිපහදු යන්ත්‍රයක් දඹාන ආදිවාසි ගම්මානට පිරිනැමීම  සිදු කෙරිණි.

 සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ   තවත්  එක් ප්‍රති ආසූත ජල පිරිපහදු යන්ත්‍රයක් මෙලෙස  ආදීවාසී ගම්මානයට පරිත්‍යාග කළ අතර  මේ වන විට  දිවයින පුරා ආවරණය වන පරිදි මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 534 ක් ජනතා අයිතියට පවරා තිබේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් මෙය ජනතා අයිතියට පත් කෙරිණි.

ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලෑත්තන්, ගිනිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා, අධ්‍යක්‍ෂ නාවික (පර්යේෂණ හා සංවර්ධන) කපිතාන් ලසිත් ගුණසේකර සහ ශ්‍රී ලංකා නාවික නෞකා මහා නාඝ ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් නිශාන්ත රණවිර යන  නිලධාරීහු  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

(36698)

 



අදහස් (0)

දඹානටත් ආසූත ජල පෙරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site