හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු
මිලදීගෙන ගෙන යමින් තිබූ බවට සැකකරන රුපියල් 12,500,000 ක් (එක්කෝටි විසිපන් ලක්ෂයක්) වටිනා මැණිකක් කොල්ල කෑමට පොලිස් වෙසින් පැමිණ කළ තැත වැරදීමෙන් පසු මැණික ගත් බව කියන පිරිස පැහැර ගෙන ගොස් පහරදී ඔවුන් සතු රුපියල් 172,000ක මුදල් හා ජංගම දුරකතන කොල්ල කා පලා ගිය කල්ලියේ එක් අයෙකු අද (23 දා) දුම්මලසූරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය කියයි.
විලත්තව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සතුව තිබු රුපියල් කෝටි 25ක් වටිනා බව කී මෙම මැණික මිලදී ගැනීමට කාරයකින් පැමිණි පිරිසක් එම මැණික රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට හෙට්ටු කිරීමෙන් පසු පසුදින එම මැණික මිලදී ගැනීමට එන පොරොන්දුවෙන් ආපසු ගොස් තිබුණි.
එසේ යන අතර වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන් පොලිසියෙන් කියා මැණික ඉල්ලා ගැණුම්කරුවන්ට පහර දෙමින් ඔවුන්ට අත් මාංචු දමමින් වෑන් රථයක දමා ගෙන ගොස් දුම්මලසුරිය හතරමං හන්දිය අසලදී පසුගිය 21 දා අඵයම ඔවුන් එහි දමා ඔවුන් සතුව තිබු රුපියල් 172000ක් වටිනා ටැබ් එකක් හා ජංගම දුරකතන කොල්ල කා පලා ගොස් තිබුණි
පසුව කොල්ලකරුවන්ට හසුවු පිරිස මෙම සිද්ධිය මීරිගම පොලිසිය වෙත ගොස් පැමිණිලි කළ පසු සිද්ධිය මාදම්පේ පොලිසියට වාර්තා කර ඇත. ඒ අනුව සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව කොල්ලකල්ලියේ එක් අයෙකු දුම්මලසුරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර තවත් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාදම්පේ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දුම්මලසූරියේදී කොල්ලකරුවෙක් අත්අඩංගුවට