IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුම්කොල නැටි ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් අනතුරුක


 
ජුඩ් සමන්ත
 
පුත්තලම - හලාවත මාර්ගයේ දුම්කොල නැටි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද (22) මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
 
අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරු සහ රිය සහායකවරයා බව පොලීසිය කියයි.රෝහල් ගත කර සිටින රිය සහායකවරයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
 
කටුනායක - නයිකන්දේ සිට පුත්තලම - පාලාවිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් කරා දුම්කොළ නැටි තොගය රැගෙන යමින් සිට ඇත.එම කන්ටේනරයේ දුම්කොල නැටි කිලෝ ග්‍රෑම් 10,600 ක ප්‍රමාණයක් අසුරා තිබී ඇත.
 
රේගු නිලධාරීන් බාරයේ මෙම දුම්කොල නැටි තොගය ප්‍රවාහනය කර ඇති බවත්,ඒවා පුත්තලමේ පිහිටි කාර්මාන්ත ශාලාවේ අධි උදුනකදී පුළුස්සා විනාශ කිරීමට නියමිතව තිබී ඇති බවත් විමර්ශණ වලදී හෙලිවී ඇත.
 
අධික වේගයෙන් පැමිණ ඇති කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් අනතුර සිදුවී ඇත.කන්ටේනර් රථයේ රියදුරුගේ නොසැලකිල්ල අනතුරට හේතුව බව පොලීසිය කියයි.



අදහස් (0)

දුම්කොල නැටි ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් අනතුරුක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site