(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් තුනක් අඩි දෙක බැගින් ඊයේ (15) සවස සිට විවෘත කර ඇත.
ඊයේ දිනයේදී ජලාශය නැවතත් පිටාර මට්ටමට පැමිණි බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.
දොරටු තුන විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 4200 ක ජල පරිමාවක් දැදුරුඔයට මුදාහැරේ. මෙම තත්වයෙන් දැදුරුඔය පහල ප්‍රදේශවලට කිසිදු ගංවතුර තත්ත්වයක් ඇති නොවන බවද වාරි ඉන්ජිනේරුවරයා කීය.
ඊයේ රාත්‍රියේ දැදුරුඔය ඉහල ප්‍රදේශ වලට දැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් එම ජලය ජලාශයට එක්වීමත් සමග ඉදිරි පියවර ගන්නා බව වාරියපොල ප්‍රාදේශීය වාරි ඉන්ජිනේරු කාර්‍යාලය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ