(තිළිණි ද සිල්වා)
ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (28 ) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.
දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කිරිම ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව ජපාන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සංචාරය තුළදී ජපාන රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට නාවික මුර යාත්‍රා දෙකක් පිරිනැමීම ද සිදු කිරිමට නියමිත අතර එම නාවික මුර යාත්‍රාවන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරීමට නියමිතය.
මෙමගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වර්ධනය සහ සමුද්‍රීය සීමාවන්හි පාලනය ශක්තිමත් කර ගැනිමට උපයෝගී වනු ඇති බව ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේය.
මෙම සංචාරය තුළදී ජපාන රාජ්‍ය අමාත්‍ය නකානේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවිමට ද නියමිතව තිබේ.
පසුගිය සතියේ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ද මෙරට සංචාරයක නිරත විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෙදින නිල සංචාරයක් සඳහා ජපන් විදෙස් ඇමැති ලංකාවට