IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දකුණු සබේ පස්වැනි සැසිවාරය ඇරඹෙයි


 
සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල 
 
දකුණු පළාත් සභාවේ හත්වැනි සභාවේ පස්වැනි සැසිවාරය දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා විසින් අද (3) විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.


මෙම උත්සවයට පැමිණි මාර්ෂල් පෙරේරා මහතා පළාත් සභාවේ ප්‍රධාන දොරටුව අභියස දී දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා විසින් මල්මාලාවක් පළදවා පිළිගන්නා ලදී. 


පසුව පළාත් සභාව ඉදිරිපිටදී මාර්ෂල් පෙරේරා මහතා ජාතික කොඩිය ද ශාන් විජේලාල් ද සිල්වා මහතා පළාත් කොඩිය ද ඔසවනු ලැබුහ. 


එම අවස්ථාවේ දකුණු පළාත් සභාවේ සභාවේ සභාපති කේ ඒ සෝමවංශ මහතා හම්බන්තොට දිස්ත්‍රික් කොඩියද දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතා ගාල්ල දිස්ත්‍රික් කොඩිය ද පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතා මාතර දිස්ත්‍රික් කොඩිය ද එසවූහ.


ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ සිසුවියන් පිරිසක් ජයමංගල ගාථා ගායනා කරද්දී ආණ්ඩුකාරවරයා ඇතුළු අමුත්තන් චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන් දැල්වුහ. ඊට පසුව දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා විසින් පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.

ඡායාරූප -  සිරිනිහාල් ගමගේ



අදහස් (0)

දකුණු සබේ පස්වැනි සැසිවාරය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site