(ඔගස්ටින් ප්‍රනාන්දු)
තහනම් පන්න ක්‍රමයක් යොදා ගෙන වෙන්නප්පුව මුහුදෙහි අද ( 6) මසුන් මරමින් සිටි ධීවරයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත හැකිවු බව හලාවත සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
සැකකරුවෝ වෙන්නප්පුව කඩවත් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් සමඟ ධීවර යාත්‍රා දෙකක් ද වාහන බැටරි දෙකක් ද විදුලි පහන් දෙකක් ද බාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා වෙරළා රක්ෂක දෙපාර්තමේන්තුව ලද තොරතුරක් අනුව, අධිවේගි යාත්‍රාවක් යොදවා වෙන්නප්පුව මුහුදෙහි කළ සෝදිසි මෙහෙයුමක දි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
වාහනවලට යොදන බැටරි යොදා ගෙන විදුලි පහන් මගින් ආලෝකය යොදවා මසුන් මරමින් සිටියදි මොවුන් අත්අඩංගුවට ගත් බව කාර්යාලය කියයි.
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ දැක්වෙන මෙහෙයුම් නියෝග අනුව විදුලි පහන් යොදාගෙන මසුන් මැරීම සපුරා තහනම් වන බවද, එම නීතිය උල්ලංඝනය කරමින් මසුන් මැරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද හලාවත නියෝජ්‍ය ධීවර අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා කීය.
සැකකරුවන් හා අත්අඩංගුවට ගත් උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තහනම් පන්න ක්‍රමයෙන් මසුන් මැරූ ධීවරයන් සිව්දෙනෙකු දැලේ