IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තලවකැලේ වන වගා රක්ෂිතයක ගින්නෙන් අක්කර 5 ක් විනාශයි

 

(රංජිත් රාජපක්ෂ)
 

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසීය.

අද (02) දින දහවල් 12 ට පමණ හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර ගිය බවත්, පැතිර ගිය ගින්න එම වතුයායේ පිහිටි වතු කම්කරු නිවාස අසලටම පැතිර ආ බව වතු කම්කරුවෝ කියා සිටිති.

පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් විසින් වන වගා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.වන වගා රක්ෂිතයට ගිනි තැබිම නිසා එම රක්ෂිතයේ සිට පහලට ගලා බසිනා ස්වභාවික ජල උල්පත් රැසක් ද සිදී යාමේ අවදානමට ලක් වී ඇත.

 



අදහස් (1)

තලවකැලේ වන වගා රක්ෂිතයක ගින්නෙන් අක්කර 5 ක් විනාශයි

Pradeep Wednesday, 03 March 2021 02:30 AM

මිනිසුනේ නුඹලා මේ ගිනි තබා විනාශ කරන්නේ රටේ හදවතයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 507 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site