ත්‍රිරෝද රියක් ගිනි තැබු දෙදෙනකු සැකපිට අත්අඩංගුවට
( රංජිත් රාජපක්ෂ )
ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් නගරයේ ලංගම බස් නැවතුම්පොල පිටුපස ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් ගිනි තැබුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය මගින් දෙදෙනෙකු සැකපිට (12) දින අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් නගරයේ ත්‍රිරෝද රථයක් ධාවනය කරවන රියදුරෙකු සහ ඔහුගේ මිතුරෙකු විසින් ත්‍රිරෝද රථයකින් පැමිණ ගාල් කර තිබු ත්‍රිරෝද රථයට ගිනි තබා පලා ගොස් ඇති බවසිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් පැවසීය.
ගිනි තැබිම හේතුවෙන් ත්‍රිරෝද රථයේ එන්ජිම ඇතුළු පසුපස කොටස සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති අතර ඉන් ත්‍රිරෝද රථයට ලක්ෂ තුනක පමණ අලාභයක් සිදු වි ඇත.
හැටන් නගරයේ සුළු ව්‍යාපාරයක් සිදු කරගෙන යන ත්‍රිරෝද රථයේ හිමිකරු තම නිවස ආසන්නට ත්‍රිරෝද රථය රැගෙන යාමට නොහැකි නිසා දිනපතා ත්‍රිරෝද රථය ලංගම බස් නැවතුම්පොල පිටුපස ගාල් කර තැබෙන බව පොලිසිය කීවේය..
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ත්‍රිරෝද රියක් ගිනි තැබු දෙදෙනකු සැකපිට අත්අඩංගුවට