IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ත්‍රීරෝද රථ රියදුරෝ විරෝධතාවක‍

(අජිත්ලාල් ශාන්තඋදය)
 
සබරගමුව පළාත් සභාව විසින් පළාතේ ත‍්‍රිරෝද රථ සේවය නියාමනය කිරිමට ත‍්‍රිරෝද රථ සේවා කාර්යාංශයක් පිහිටුවිමට අදාළ ප‍්‍රඥප්තිය සභාගත කිරිමට විරෝධය පා ත‍්‍රිරෝද රථ රියදුරෝ පිරිසක් අද (12) සබරගමු පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට  උද්ඝෝෂණයක් කළහ.

මෙම ප‍්‍රඥප්තියේ ත‍්‍රිරෝද රථ රියදුරන්ට සහ ත‍්‍රිරෝද රථ හිමියන්ට සැලසෙන යහපත පැහැදිලිව සඳහන්ව නොමැතිබව විරෝධතාකරුවෝ කියති. එමෙන්ම බලපත‍්‍ර ගාස්තු ගැනද අවිනිශ්චිතතාවක් පවතින බවත් ස්වයං රැකියාවක නිරත ත‍්‍රිරෝද රථ රියදුරන් නිල ඇඳුමකින් සැරසී සිටිමට අකමැති බවත් ඔවුහූ කියති.

ත‍්‍රිරෝද රථ සේවය පළාත් මගී ප‍්‍රවාහන අධිකාරියට අනුයුක්ත කිරිම ආදී කරුණු සම්බන්ධයෙන් දැඩි ලෙස අප‍්‍රසාදය පළකරන බව විරෝධතාකරුවෝ  කීහ.

තම ඉල්ලිම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

ඒ අනුව සබරගමු පළාත් ප‍්‍රධාන ඇමති මහීපාල හේරත් මහතා විරෝධතාකරුවන් හමුවට ගොස් පැවසුවේ අද පැවැත්වෙන පළාත් සභා රැස්වීමේ දී මෙම ප‍්‍රඥප්තිය සාකච්ඡාවට නොගන්නා බවයි. එසේම එය සාකච්ඡාවට ගැනීමට පෙර මෙම විරෝධතාව දැක්වූ ත‍්‍රිරෝද රථ රියදුරු සංගමයේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් ලබාදෙන බව ද ඒ මහතා කීය.



අදහස් (3)

ත්‍රීරෝද රථ රියදුරෝ විරෝධතාවක‍

mohomed faizel Wednesday, 13 September 2017 02:40 AM

එකෙනුත් කන්නයි යනෙනේ...

:       0       0

ඩී. ජයදේව Wednesday, 13 September 2017 06:34 AM

බලන්න ඕන මේකෙන් බහුතරයක් වන මහජනතාවට සැලසෙන යහපත් මොකක්ද කියලා

:       0       1

Nuwan Wednesday, 13 September 2017 10:56 AM

නියාමනය ත්‍රි රෝද විතරක් නොවේ දියුණුවන රටක හැම අංශයකටම අවශ්‍යයි, මේවා කරන්න බැරි අය මේ රස්සාවට එන්න එපා, වෙන එකක් හොයාගන්න, ත්‍රි රෝද රියදුරන්ට ඕන විදියට රට කරන්න බැහැ, එහෙම කරනවානම් උගත්කම්වලින් ඇති වැඩකුත් නැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site