IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


තිරෝද රථ සොරකමේ ගිය අඹුසැමි ය්‍රවළක් ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට

 (ජේ.කේ.එල්. චාමින්ද)
 
ත්‍රිරෝද රථ සොරකම් කිරිමේ නිරත  අඹු සැමි  යුවළක් හා ගරාජකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
 
චැසි අංක හා එන්ජින් අංක වෙනස්  කොට තිබු ත්‍රිරෝද රථ 04ක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.

 ඉතා සංවිධානාත්මකව මොවුන් විසින්  මෙම  ත්‍රිරෝද රථ සොරකම් කිරිමේ නිරතව ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
 
 මහමෝදර මාතෘ රෝහලේ  දරු ප්‍රසුතිය සදහා නතරව සිටින තම බිරිද බැලිම සදහා ඇ
 
යගේ සැමියා ත්‍රි රෝද රථයෙන් ඉකුත් 30 වැනිදා පැමිණ ඇත. ඔහු  ත්‍රිරෝද රථය නතරකොට බිරිද බැලිමට රෝහලට ගොස් ඇත.
 
පැයකින් පමණ නැවත පැමිණි බලනවිට ත්‍රි රෝද රථය සොරකම්කොට තිබුණි. පසුව  මේ පිළිබද ගාල්ල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පරික්ෂණ කටයුතු ආරම්කොට ඇත.
 
 පොලිසිය විසින් සි. සි. ටි කැමරා දර්ශන පරික්ෂාකිරිමේ දි පිරිමි අයෙකු හා කාන්තාවක් ත්‍රි රෝද රථය රැගෙන යන අයුරු එහි සටහන්ව තිබි ඇත. සි. සි. ටි. විදර්ශන ඔස්සේ පොලිසිය මගින් මේ පිළිබද දිගින් දිගටම විමර්ශන කටයුතු ආරම්භ කරණු ලැබිය.
 
ත්‍රි රෝද රථය කුරුන්ද ප්‍රදේශයට ධාවනය කොට ඇති බැව් පරික්ෂණවලදි පොලිසිය මගින් අනාවරණය කරගෙන තිබේ.
 
 පසුව පොලිස් නිලධාරින් විසින් කුරුන්ද ප්‍රදේශයේ ගම්මුන්ට ද මෙකි ත්‍රිරෝද රථයේ දර්ශන පෙන්වා ඇත.ටික වෙලාවකට පසු  අංක තහඩු  වෙනස්කරණු ලැබු ත්‍රි රෝද රථයක් කුරුන්ද දෙස සිට පැමිණ ඇත.
 
එහි අඹු සැමි යුවළක් සිට තිබේ. පොලිසිය විසින් මෙකි ත්‍රි රෝද රථය පරික්ෂා කිරිමේ දි   මෙකි යුවළ ඇද සිටි ඇදුම් ත්‍රිරෝද රථය සොරකම් කරණ අවස්ථාවේ සි. සි. ටි. වි කැමරවේ  සටහන්ව තිබු දර්ශන සමග ගැලපි තිබේ.
 
 ඒ අනුව පොලිසිය විසින් මෙකි අඹු සැමි යුවළ අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු ආරම්භකරණු ලැබිය. ත්‍රි රෝද රථයේ  තිබු ස්ටිකර් ගලවා එහි අංකය වෙනස්කොට තිබු බව පොලිසිය පවසයි.
 
 ගරාජකරු විසින් ත්‍රි රෝද රථය සදහා රුපියල් 80000ක මුදලක් ලබාදෙන බව පවසා ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත. ගරාජයේ ත්‍රිරෝද රථය දින  දෙක තුනක් තිබි ඇත.
 
චැසි අංක හා එන්ජින් අංක වෙනස්කළ ත්‍රි රෝද රථ රසපරික්ෂකවරයා වෙත යොමු කිරිමට නියමිතව ඇත.
 
අත්අඩංගුවට ගත්  අඹුසැමි යුවළගෙන් සැමියා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවකුවන අතර කාන්තාව  අක්මිමන ගනේගොඩ ආසිරි උයනේ පදිංචිකාරියකි.



අදහස් (0)

තිරෝද රථ සොරකමේ ගිය අඹුසැමි ය්‍රවළක් ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2442 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site