IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තරුණයින්ට මත් කුඩු විකිණු කාන්තාවක් ගම්පහදී අත්අඩංගුවට

(තිලකරත්න දිසානායක)

දුම්රියයන්හි සිගමන් යදිමින්  ගම්පහ අවට ග්‍රාමීය ප්‍රදේශයන්හි තරුණයින්ට  මත් කුඩු අලෙවියෙහි යෙදී සිටි 49 හැවිරිදි කාන්තාවක් ගම්පහ පොලිස් කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව ළග තිබී රුපියල් 15000 ක් පමණ වටිනා ග්‍රෑම් එකක ප්‍රමාණයෙන් යුත් කුඩු පැකට් 13 ක් සොයා ගෙන ඇති අතර මෙම පැකට්ටුවක් රුපියල් 1200 වැනි මිලකට අලෙවි කරනු ලබන බවද හෙළිව තිබේ.

වතුරුගම ප්‍රදේශයේ පදිංච් කාන්තාවක් වන බවත් දෙදරු මවක වන ඇගේ සැමියා මිය ගොස් ඇති අතර කලක පටන් මෙම ජාවාරම සිදු කොට ඇති බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වු බවත් පොලීසිය පවසයි.

 ඇතැම්විට දුම්රියයන්හි ගමන් ගනිමින් සිගමන් යෙදීමද මැය සිදු කරන බවද හෙළිව ඇත.

 මෙම කාන්තාව දෙමටගොඩ ප්‍රදේශයේ සිට දුම්රියෙන් හෙරොයින් රැගෙන එන බවට බුද්ධි අංශයට ලැබී ඇති තොරතුරක් මත ගම්පහ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් වනසිංහ මහතා දෙමටගොඩ දුම්රිය ස්ථානයෙහි සිට මැය පැමිණි දුම්රියට ගොඩවී එන අතරතුර කාන්තා පොලිස් නිලධාරිනියන් කණ්ඩායමක් සුදානම් කරන ලෙස දැනුම්දී ඒ අනුව ගම්පහ දුම්රිය පොලේදී මැය අත් අඩංගූවට ගැනීම සිදු කර තිබේ.

 අනතුරුව පොලිස්ථානය වෙත රැගෙනවිත් පොලිස් නිලධාරිනියන් විසින් කාන්තාව පරීක්ෂාවට ලක්කිරීමේදී ඇගේ යට ඇදුම් තුළ සඟවා ගෙන තිබී මත් කුඩු පැකට් 13  සොයා ගැනීමට හැකිව තිබේ.

 මෙම කාන්තාවට වැඩිහිටි පුතෙකු සිටින බවත් ඔහුද මත්කුඩු පානයට ඇබ්බැහි වුවෙකු බවද අනාවරණය වීයැයි පොලීසිය කියයි.



අදහස් (0)

තරුණයින්ට මත් කුඩු විකිණු කාන්තාවක් ගම්පහදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site