IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


තරුණයින්ට මත් කුඩු විකිණු කාන්තාවක් ගම්පහදී අත්අඩංගුවට


( තිලකරත්න දිසානායක)

දුම්රියයන්හි සිගමන් යදිමින්  ගම්පහ අවට ග්‍රාමීය ප්‍රදේශයන්හි තරුණයින්ට  මත් කුඩු අලෙවියෙහි යෙදී සිටි 49 හැවිරිදි කාන්තාවක් ගම්පහ පොලිස් කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව ළග තිබී රුපියල් 15000 ක් පමණ වටිනා ග්‍රෑම් එකක ප්‍රමාණයෙන් යුත් කුඩු පැකට් 13 ක් සොයා ගෙන ඇති අතර මෙම පැකට්ටුවක් රුපියල් 1200 වැනි මිලකට අලෙවි කරනු ලබන බවද හෙළිව තිබේ.

වතුරුගම ප්‍රදේශයේ පදිංච් කාන්තාවක් වන බවත් දෙදරු මවක වන ඇගේ සැමියා මිය ගොස් ඇති අතර කලක පටන් මෙම ජාවාරම සිදු කොට ඇති බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වු බවත් පොලීසිය පවසයි.

 ඇතැම්විට දුම්රියයන්හි ගමන් ගනිමින් සිගමන් යෙදීමද මැය සිදු කරන බවද හෙළිව ඇත.

 මෙම කාන්තාව දෙමටගොඩ ප්‍රදේශයේ සිට දුම්රියෙන් හෙරොයින් රැගෙන එන බවට බුද්ධි අංශයට ලැබී ඇති තොරතුරක් මත ගම්පහ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිත් වනසිංහ මහතා දෙමටගොඩ දුම්රිය ස්ථානයෙහි සිට මැය පැමිණි දුම්රියට ගොඩවී එන අතරතුර කාන්තා පොලිස් නිලධාරිනියන් කණ්ඩායමක් සුදානම් කරන ලෙස දැනුම්දී ඒ අනුව ගම්පහ දුම්රිය පොලේදී මැය අත් අඩංගූවට ගැනීම සිදු කර තිබේ.

 අනතුරුව පොලිස්ථානය වෙත රැගෙනවිත් පොලිස් නිලධාරිනියන් විසින් කාන්තාව පරීක්ෂාවට ලක්කිරීමේදී ඇගේ යට ඇදුම් තුළ සඟවා ගෙන තිබී මත් කුඩු පැකට් 13  සොයා ගැනීමට හැකිව තිබේ.

 මෙම කාන්තාවට වැඩිහිටි පුතෙකු සිටින බවත් ඔහුද මත්කුඩු පානයට ඇබ්බැහි වුවෙකු බවද අනාවරණය වීයැයි පොලීසිය කියයි.



අදහස් (0)

තරුණයින්ට මත් කුඩු විකිණු කාන්තාවක් ගම්පහදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site