IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


තියුණු ආයුධවලින් පහරදීමකින් යාපනයේ තිදෙනෙකු රෝහලේ

(රොමේෂ් මධුෂංඛ)

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

කොඩිකාමම් වෙල්ලාම්බොක්කට්ටි ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී නාදුනන පිරිස් එකවරම පැමිණ මෙම පහරදීම සිදු කර පහරකෑමට ලක් වූ අයෙකු පැමිණි යතුරුපැදියක්ද ගිනිතබා පලා ගොස් ඇත.

තියුණු ආයුදවලින් පහරකෑ තිදෙනෙකු දැඩි කැපුම් තුවාල සහිතව කොඩිකාමම් රෝහලට ඇතුලත් කර ඇති අතර පහරකෑමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි සුරේන්ද්‍රන් වෙනිස්වරන්, එහුගේ පියා වූ 53 හැවිරිදි වේලුපිල්ලේ සුරේන්ද්‍රන් හා 23 හැවිරිදි මහේන්ද්‍රන් අජන්තන් නැමති අයයි.

අදාල පහරදීම සිදුකල පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආවාකල්ලියේ පහරදීමක් හෝ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් දැයි යන්න සැක සහිත බවට පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

තියුණු ආයුධවලින් පහරදීමකින් යාපනයේ තිදෙනෙකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site