IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කරයි

(එම් .සුසිල් ප්‍රියන්ත)

කරන්දෙනිය දිවියගහවෙලදී අද (6) සවස තියුණු ආයුධයකින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි කරන්දෙනිය පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කරන්දෙනිය දිවියගහවෙල පදිංචි සමන් සිරිවර්ධන නමැති 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

මේ ඝාතනයට පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධ යැයි තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් හඳුනාගෙන ඇති බවත් පොලිසිය පැවසීය.

වල් ඌරන් මැරීම සඳහා විදුලිය ඇදීමක් සම්බන්ධ ප්‍රශ්නයක් මේ ඝාතනයට හේතුවී ඇතැයි පොලිසිය කීය.

මේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථයකින් පලා ගොස් ඇති බවත් ඔවුන් දෙදෙනාට පලා යාමට අනුබලදුන් ත්‍රීරෝද රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කරන්දෙනිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

තියුණු ආයුධයකින් කපා පුද්ගලයෙකු ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site